26.7 C
Colombo
Saturday, June 14, 2025

කොළඹින් පිටත්වූ ගිනිගත් නැවේ සිටි සිව්දෙනෙකු අතුරුදන්

- Advertisement -

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයට ආසන්න අරාබි මුහුදේදී ගින්නකට හසුවු සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි සිව් දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකු තායිවාන් ජාතිකයෙකු බවත් එක් අයෙකු මියන්මාරයේ සහ තවත් අයෙකු ඉන්දුනීසියානු ජාතිකයෙකු බවත් සඳහන්.

ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ සිට ඉන්දියාවේ මුබ්බායි නගරය බලා යමින් තිබූ MV Wan Hai 503 නම් වූ මෙම නෞකාව ඊයේ (09) දිනයේ හටගත් අභ්‍යන්තර පිපිරීමක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක් වුණා.

බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ,ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය තවදුරටත් උත්සාහ ගනිමින් සිටින බවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙදෙනෙකුගෙන් සමන්විත වූ මෙම නෞකාවේ සාමාජිකයින් 18 දෙනෙකු මේ වන විට බේරා ගෙන තිබෙනවා.

මේ අතර නෞකාවේ තෙල් කාන්දුවක් සහ සුන්බුන් ඇතිවීමේ අවදානම හේතුවෙන් ඉන්දීය ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය කේරළ වෙරළ තීරයට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇතැයිද වාර්තා වෙනවා.

කේරළ වරාය අමාත්‍යවරයා පවසා ඇත්තේ, නෞකාවේ තිබූ බහාලුම් 50ක් මුහුදට වැටී ඇති බවයි.

නෞකාවේ බංකර් තෙල් ටොන් 100ක් රැගෙන යමින් තිබී ඇති අතර,  එයින් වැටුණු බහාලුම් කේරළ වෙරළ තීරය දිගේ ගසාගෙන යමින් තිබූ බවත්, ඉදිරි දින තුන තුළ එහි වෙරළ තීරය දෙසට ගසාගෙන යා හැකි බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

ඖෂධ හිඟය ගැන පැහැදිලි කිරීමක්

ඇතැම් පුද්ගලයින් බෙහෙත් සම්බන්ධ සංවේදී කාරණා යොදාගනිමින් සමාජ අවධානය ලබා ගැනීමට උත්සාහ දරන බවත් එලෙස ජනතාව බිය වැද්දීම නොකළ යුතු බවත්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

POPULAR ARTICLES