32 C
Colombo
Monday, January 20, 2025

ඇමරිකාවේ පාසල් සිසුවෙකු කළ වෙඩිතැබීමකින් සිව්දෙනෙක් මරුට

- Advertisement -

අමෙරිකාවේ ජෝජියා ප්‍රාන්තයේ පාසල් සිසුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මියගොස් ඇත්තේ එම පාසලේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බව සඳහන්.

මෙසේ මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි  සිසුන් දෙදෙනෙක් වන අතර  53 සහ 39 වෙනි වියේ පසුවූ ගුරුවරු දෙදෙනෙක් සිද්ධියෙන් මිය ගොස් තිබෙනවා.

කෝල්ට් ග්‍රේ නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඉන් තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිසුවා පාසල තුළ වෙඩි තැබීමක් සිදු කරන බවට සිදු කළ තර්ජන හේතුවෙන් ඔහු පිළිබවඳව පසු ගිය වසරේදී විමර්ශනයක්ද පවත්වා ඇති බව සඳහන්.

එහිදී අදාළ සිසුවා තබා වෙඩි තැබීමකට සූදානම් බවට තර්ජනය කරමින් තුවක්කුවල ඡායාරූප අන්තර්ජාලයේ පළ කර ඇති බවද වාර්තා වෙනවා.

කෙසේවෙතත් , වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු එරට ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ සැකකරු කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES