පොලීසියේ හතර දෙනෙක් තරුණයෙක්ව කොල්ලකාලා

කොට්ටාව ප්‍රදේශයේදී තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලීසිය පවසන්නේ අදාළ මංකොල්ලය කොට්ටාව විද්‍යාල හංදියේදී සිදුව ඇති බවයි. කොල්ලකෑමට යොදාගත් ත්‍රී රෝද රථයක්, කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනයද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.