කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය සිව්වන ගැබිණි මව පිළිබදව තොරතුරු මාලඹේ නෙවිල් ප්රනාන්දු රෝහලෙන් වාර්තා වනවා.
තිස්සමහාරාම – යායගොඩ ප්රදේශයේ පදිංචි මෙම කාන්තාව ඇයගේ තුන්වන දරු උපත සඳහා සුදානම් වෙමින් සිටියදී කොවිඩ් අසාදනයෙන් මෙලෙස මියගොස් තිබුණා.
මහරගම ප්රදේශයේ පැවති සාදයකට සහභාගී වීමෙන් පසු ඇයට සහ ස්වාමිපුරුෂයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනුනා.
එම අවස්ථාවට සහභාගිවී සිටි පුද්ගලයින් 17 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණා.