27 C
Colombo
Friday, March 29, 2024

සීනි සැඟවූ කූඨ වෙළෙඳුන්ට මුදල් ගෙවන්නේ නිවැරදි මාවතට ගන්න – රංජිත් බණ්ඩාර

- Advertisement -

මහා පරිමාණ‍යෙන් සීනි තොග සඟවා සිටින වංචාකාරී වෙළඳුන්ගෙන් රජයට පවරා ගන්නා සීනි තොග වල වටිනාකම ඔවුන්ට ගෙවන්නේ ඔවුන්ව යහමගට ගැනීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසට බව පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

ඒ, ඊයේ (02) පොදුජන පෙරමුණේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

සීනි ආනයනකරුවන් සඟවාගෙන සිටින මහා පරිමාණ සීනි තොග රජයට පවරාගෙන ජනතාවට අලෙවි කිරීමේ වැඩපිලිවෙලට රජය මැදිහත් වන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර බිඳවැට්ටවීමේ අරමුණින් නොවන බවත් එබැවින්, තොග සඳහා නිසි වටිනාකම ඔවුන්ට ලබාදිය යුතු බවත් ඔහු පවසනවා.

මෙම ක්‍රියාවලියේ අරමුණ වන්නේ වැරදිකරුවන් නිවැරදි මාවතට රැගෙන ඒම පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අදාල වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති නමුත් ඔවුන්ගේ ව්‍යාපාර වැට්ටවීමට රජයේ බලාපොරොත්තුවක් නොමැති බවත් රංජිත් බණ්ඩාර මහතා අවධාරණය කර සිටිනවා.

එමෙන්ම, සීනි ආනයන බදු ශත 25 ක් දක්වා අඩුකර ඇති බැවින් රුපියල් 110 ක් හෝ ඊට වඩා අඩු මිලකට සීනි අලෙවි කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...