28.4 C
Colombo
Friday, April 26, 2024

ජනපතිගේ ඩබල් ගේමක් නිසා නිදහස් පක්ෂය සාකච්ඡාව වර්ජනය කරයි

- Advertisement -

ජනාධිපතිවරයා සමඟ අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ මෙම තීරණය හදිසියේ ගත් එකක් බවයි.

එමෙන්ම ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැරූ සියලුම තනතුරුවලින් ඉවත්කිරීමට පක්ෂය තීරණය කළ බවද ජයසේකර මහතා පවසනවා.

අප කළ සොයාබැලීමේදී වාර්තා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදී ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් දැඩි අප්‍රසාදය පලකර ඇති බවයි.

පවත්නා අර්බුදය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට සහය දක්වන්නේ කෙසේදැයි සාකච්ඡා පැවැත්වෙමින් පවතින තත්ත්වයකදී නිදහස් පක්ෂයේ පුද්ගලයෙකු ආණ්ඩුවට බාගැනීමට කටයුතු කිරීම පිළිබදව ඔවුන් දැඩිව විවේචනය කර තිබෙනවා.

ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමේ කෙනෙකු ලෙස සිටින අතරතුරවීම විශේෂත්වයක්.

මේ අතර පවතින නව තත්ත්වය තුළ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත දෝෂාභියෝගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වනවාද නැද්ද පිළිබදව යළිත් අවිනිශ්චිතවී තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබුණේ අදාළ දෝෂාභියෝග යෝජනාවට සහය නොදක්වන බවයි.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...