27.7 C
Colombo
Thursday, April 25, 2024

ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය දෙලොවක් අතර

- Advertisement -

තලේබාන් පාලනය හමුවේ සිය වැඩසටහන් පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍ය දැඩි දුෂ්කරතාවයකට මුහුණු දී සිටින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තලේබාන් පාලකයන් ඉස්ලාම් නීතියට සහ ජාතික වැදගත්කම ආරක්ෂාවන පරිදි වැඩසටහන් පවත්වාගෙන යා යුතු බවට නියෝග කර ඇතත් ඒ පිලිබද විස්තරාත්මක කරුණු දැක්වීමක් සිදුකර නැති බවයි.

මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ පෞද්ගලික මාධ්‍ය ආයතන දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති අතර මාධ්‍ය ආයතන කිහිපයක් කාන්තා නිවේදිකාවන්ට තවමත් අවස්ථාව ලබාදී ඇති අතර තවත් ආයතන කාන්තා නිවේදිකාවන්ගේ සේවය නවතා දමා තිබේ.

මේ අතර සෑම නාලිකාවක්ම පාහේ තුර්කි මාලා නාටක විකාශය කිරීම නවතා දමා ඇති අතර සංගීත වැඩසටහන් සියල්ලේම පාහේ විකාශන කටයුතුද නවතා දමා ඇත.

ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් අන්තර්ජාතික මාධ්‍ය වෙත පවසා ඇත්තේ කිනම් මොහොතක කුමන භයානක තත්වයක් මතුවේදැයි යන සැකය හේතුවෙන් තමන්ගේ එදිනෙදා කටයුතු පවත්වාගෙනයාම මහත් දුෂ්කරතාවයක් වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ...

වාරණ නියෝග මැද ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ...

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...