පෙර පාසල්වල දැනට යොදාගන්නා අසුන්ගත අධ්‍යාපන රටාව වෙනුවට සෙල්ලම් ඇසුරෙන් අධ්‍යාපනය ලබා දීමටත් ඒ සඳහා භාවිත කළ හැකි සෙල්ලම් උපකරණ පිළිබඳවත් රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව, මේ සඳහා ජාතික සැලැස්මක් සකස් කර ලබන වසරේදී ගුරුවරුන් හා මාපියන් ඊට අනුගත කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක්ද පැවැත් වුණා.
‘හැමදාම සෙල්ලම් කරන්න’ තේමාව යටතේ හෙට (11) දිනට යෙදී ඇති ‘ජාතික සෙල්ලම් දිනය’ මූලික කරගනිමින් සෙල්ලම් භාවිතය මුල් ළමා විය සංවර්ධනයට දායක කරගන්නා ආකාරය පිළිබඳ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රී පෝල්රාජ්ගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගී වූ මේ සාකච්ඡාවේදී විද්වතුන්ගේ අදහස් ලබාගැනීමක් ද සිදුවු බවයි පැවසෙන්නේ.
මුල් ළමා විය සංවර්ධනය සඳහා සෙල්ලම් ඇසුරෙන් අධ්‍යාපන රටාව වෙනස් කිරීමෙන් දරුවන්ගේ මනෝ සමාජයික කුසලතා සංවර්ධනය කිරීමට හා චිත්තවේග පාලනය කිරීමට ලැබෙන පිටුබලය පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.
පෙරපාසල සහ ශ්‍රේණිය අතර ඒකාබද්ධතාව ඇති කරලමින් මුල් ළමා විය දරුවන් වෙහෙසකර අධ්‍යාපන රටාවෙන් මුදා ප්‍රීතිමත් අධ්‍යාපන රටාවකට අනුගත කරවීම මෙම වැඩ පිළිවෙළෙහි මූලික අරමුණ බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මෙහිදී ‘ඇවිදින පාසල’ නමින් පර්යේෂණාත්මක අධ්‍යාපන ක්‍රමවේදයක් ක්‍රියාවට නංවමින් සිටින මුල් ළමාවිය විශේෂඥ වසන්ත පෙරේරා සෙල්ලම් ඇසුරෙන් අධ්‍යාපනයේ ප්‍රායෝගික අවස්ථා සහ සෙල්ලම් උපකරණ පිළිබඳව බලධාරීන්ට කරුණු පැහැදිලි කර තිබෙනවා.