රටේ ඉන්ධන ඉල්ලුම කැපී පෙනෙන ප්‍රතිශතයකින් අඩු වී තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ මේ වසරේ ජනවාරි මාසයේ පළමු කාර්තුවේ ඉන්ධන ඉල්ලුමට සාපේක්ෂව සියයට 50කින් පමණ වසර අග වන විට අඩුව වී ඇති බවයි.
ආර්ථික අර්බුද, පරිභෝජන සැලකිය යුතු ලෙස පහළ යාම, QR ක්‍රමවේදයට අනුව පමණක් ඉන්ධන නිකුත් කිරීම සහ ඉන්ධන සංචිත පවත්වාගෙන යාම පාරිභෝගිකයින් කටයුතු නොකිරීම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් ඉන්ධන ඉල්ලුම අඩුව තිබෙනවා.
ඒ අනුව මෙරට එක් මසකට පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක පමණ ඉල්ලුමක් පැවැති නමුත් එය මේ වන විට මෙට්‍රික් ටොන් 2000ක් දක්වා අඩුව ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තාවල සඳහන් වන්නේ.
පසුගිය මාර්තු මස සිට ජුලි මස දක්වා මාස 4ක කාලය තුළ දෛනික ඩීසල් පරිභෝජනය ටොන් 6496 සිට 2299ක් දක්වා සහ පෙට්‍රල් පරිභෝජනය ටොන් 3764 සිට 1226ක් දක්වා පහත වැටී තිබෙනවා.
ඊට සාපේක්ෂව වසර අගවන විට එම තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරමින් රටේ ඉන්ධන ඉල්ලුම තවදුරටත් පහළ යනු ඇති බව ලංකා ඛනිජ තෙල් අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කරනවා.