28.9 C
Colombo
Tuesday, July 8, 2025

අපිට ජනතාවගෙ දුක තේරෙනවා – ඒත් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා

- Advertisement -

ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කර තිබේ.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, ජීවන වියදම පිළිබඳ කැබිනට් අනු කමිටුව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීම අනුමත කළ අතර බලපැවැත්වෙන දිනය මුදල් අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කරනු ලබන බවයි

ජනතාවගේ ජිවන වියදම පිළිබඳව රජය දැනුවත් නමුත් වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට අලෙවි කිරීම හේතුවෙන් මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි 33,100ක් බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

කෙසේ නමුත් මීට පෙර ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉතාමත් විශාල වශයෙන් දිගින් දිගටම පහළ ගිය නමුත් එහි සහනය ජනතාවට හිමි නොවූ නමුත් ජනතාවට සහන මිලට පරිප්පු සහ සැමන් ලබා දෙන බවට ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශ කරන ලදි.

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම සංශෝධනය සිදුකරන්නේ කවදා ද යන්න කලින් දැනුම් දිය නොහැකි බවත් එසේ සිදුවුවහොත් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම්වල සිටිනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

“ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගිහින් තිබිය දීත් මාස 21 පුරාවට ඉන්ධන මිල සංශෝධනය නොකර මේක කොහොම හරි අල්ලගෙන ඉල්ල අපි කටයුතු කළා. නමුත් අවාසනාවකට තවදුරටත් ආණ්ඩුවට මේ දැවැන්ත අලාභය දරාගෙන ඉන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන විට මෙතරම් දීර්ඝ කාලයක් මිල සංශෝධනයක් නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත් නෑ. දිගින් දිගටම වැඩි මිලට ඉන්ධන අරගෙන අඩු මිලට විකිණීම නිසා මේ වන විට 2020 අගවන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණ අලාභ රුපියල් කෝටි 33100ක්. ඒ නිසාම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. “

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES