Breaking: ඉන්ධන මිල යළිත් ඉහළට

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඩීසල් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එම සමාගමේ ඩීසල් ලීටරය රුපියල් 75 කින් ඉහළ යනු ඇති. මේ අතර, ඉන්දියන් ඔයිල් සමාගම විසින් අලෙවි කරනු ලබන සියලුම පෙට්‍රල් මිල ගණන් ද ලීටරයක් රුපියල් 35කින් ඉහළ දමා තිබෙනවා.