29.1 C
Colombo
Thursday, April 25, 2024

කෑන් වලට තෙල් දෙන්නෙ නෑ – Ceypetco

- Advertisement -

ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම හෙට (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (11) පස්වරුවේ පවසා සිටියා.

භූමිතෙල් කෑන්වලට ලබාගැනීමට බාධාවක් නොමැති බව කී සුමිත් විජේසිංහ මහතා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් අදාල ප්‍රදේශයේ කෘෂි පරීක්‍ෂණ නිලධාරියා හෝ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික සමඟ ඉන්ධන පිරවුම්හලට ඉදිරිපත් කිරීමෙන් කෑන්වලට ලබාගත හැකි බව ද සඳහන් කරනවා.

නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් කෑන්වලට ලබාගැනීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකය අවශ්‍ය වන බවත් ඉන්ධන අනවශ්‍ය ලෙස තොග රැස්කිරීම ජනතාව නතර කළ යුතු බවත් විජේසිංහ මහතා පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාව පසුගිය දින හතරේ පමණක් ඉන්ධන මෙටි්‍රක්ටොන් 35,000 ක් වෙළෙඳපොලට නිකුත් කර ඇති බවත් පසුගිය ඉරිදා සහ සෙනසුරාදා පමණක් ඉන්ධන මෙටි්‍රක්ටොන් 21,000 ක් නිකුත් කළ බවත් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...