24 C
Colombo
Tuesday, March 21, 2023

තලෙයිබාන්වරුන්ට බලපෑම් කරන්නැයි ජගත් සංවිධානය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

- Advertisement -

ඇෆ්ගනිස්තානය තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ලෝක ප්‍රජාව මැදිහත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් පවසයි.

පවතින තත්ත්වය අනුව ඇෆ්ගනිස්තානයේ වෙසෙන කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ අනාගතය අඳුරට පත්වෙමින් ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.

රට තුළ මූලික මානව හිමිකම් මූලධර්ම ආරක්ෂා කිරීමට හෝ කටයුතු කරන ලෙසට තලෙයිබාන් සංවිධානයට බලකරන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

අත්තනෝමතික ලෙස පුද්ගලයින් සිරකර රඳවා ගැනීම්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, අවතැන්වීම්, නීතිවිරෝධී සීමා කිරීම්, අතුරුදන්වීම්, වධහිංසා පැමිණවීම් හා කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එල්ල කරන බලපෑම් තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාය තුළ අණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බව ද ඔවුන් පෙන්වා දෙයි.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ බලය අල්ලා ගැනීමට පෙර මාධ්‍ය නිදහස හා කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා වූවා මෙන්ම සාමාන්‍ය ජන ජිවිතය ද බාධාවකින් තොරව පැවැති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් පවසයි.

ඒ අනුව භාෂණයේ නිදහස් ආරක්ෂා කිරීමටත්, ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදීමටත්, ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති පද්ධතියක් යටතේ බැඳී කටයුතු කරන ලෙසටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.