ගාල්ල නගර මධ්‍යයේ ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගය හරස්කර පෞද්ගලික බස් රථ ගෙනවිත් දමා රියදුරන් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගය අවහිර වී ගමනාගමනයට බාධා එල්ලවුණා.
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පලකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවය පලකර ඇති බව අප ගාල්ල වාර්තාකරු සදහන් කළා.
මේ වන විට දිවයින පුරා ස්ථාන රැසක ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු ආර්ථික අර්බුදයට විරෝධය පලකර දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා.
