33 C
Colombo
Saturday, April 20, 2024

ජර්මනිය මෙරට යූරෝ මිලියන 13ක ණයක්, ආධාරයක් බවට හරවයි

- Advertisement -

ගාල්ලේ නව මාතෘ (ශික්ෂණ) රෝහල ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා ලබාදුන් යුරෝ මිලියන 13 ක ණය මුදල, ප්‍රදානයක් බවට පරිවර්තනය කිරීමට ජර්මානු රජය ප්‍රතිඥා දී ඇති බව වාර්තා වනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පැවසුවේ, මේ සඳහා ජර්මානු KfW බැංකුවෙන් ලබාගත් අතිරේක ණය මුදල ප්‍රදානයක් බවට පත් කිරීමට ජර්මානු රජය යෝජනා කර ඇති බවයි.

ඒ අනුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්ආර් ආටිගල මහතා, KfW සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ ආසියානු අංශයේ ප්‍රධානී Martina Koch මහත්මිය සහ KfW සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ (ආසියා) හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු Annika Unterpertinger මහත්මිය යුරෝ මිලියන 13ක ප්‍රදාන ගිවිසුමක් සඳහා පෙරේදා (03) කොළඹදී අත්සන් තැබීය.

ජර්මානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර දිගුකාලීන සමීප හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ගිවිසුම අත්සන් කර ඇත.

සුනාමි ව්‍යසනයෙන් බරපතළ හානි වූ මහමෝදර මාතෘ රෝහල ජර්මානු රජයේ KfW බැංකුව හරහා මූල්‍ය ආධාර මත ප්‍රතිසංස්කරණය කෙරේ.

‘Helmut Khol’ පදනමේ ප්‍රදානයකින් ආරම්භ කරන ලද රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීම සඳහා KfW ආයතනය යුරෝ මිලියන 28 ක ණය මුදලක් ලබා දී ඇත.

ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතරතුර, රෝහලේ අමතර අවශ්‍යතා ආවරණය කිරීම සඳහා KfW විසින් 2017 දී යුරෝ මිලියන 13 ක අතිරේක ණයක් ලබා දෙන ලදී.

ඇඳන් 600 කින් සහ 800 කට ප්‍රතිකාර කිරීමේ පහසුකම් සහිත බාහිර රෝගී අංශයේ (OPD) සහ සායනද මීට ඇතුලත් වේ.


RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...