24 C
Colombo
Wednesday, January 22, 2025

Galle Marvels හිමිකරු යළි රිමාන්ඩ්

- Advertisement -

මහනුවර පල්ලේකැලේ පැවැත්වෙන “ලංකා T10” සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘ ගාල්ල මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම ඔහු රහස් ප්‍රකාශයක් ලබා දීමට එකඟ බව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පවසා තිබෙනවා.

එම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා 10 වැනිදා ඔහුව සිය නිල මැදිරියට ඉදිරිපත් කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබෙන්නේ.

එහිදී සැකකරු සහ ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහුට පාපොච්ඡාරණයක ස්වරූපයෙන් ප්‍රකාශයක් ලබා දීමට අවසර ලබා දී තිබෙනවා.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරු තරග පාවාදීම් සම්බන්ධයෙන් යෝජනාවක් බටහිර ඉන්දීය ක්‍රීඩකයකට සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES