25 C
Colombo
Saturday, March 25, 2023

ගාල්ල රිච්මන්ඩ් සිසුවෙක් A/L ප්‍රතිඵල වෙබ් අඩවිය හැක් කර ප්‍රතිඑලත් දීලා

- Advertisement -

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2021 වසරේ උසස් පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කරන ලද වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස එම වෙබ් අඩවියේ සඳහන් අපේක්ෂකයන්ගේ තොරතුරු වෙනත් වෙබ් අඩවියකට ඇතුලත් කළ දකුණේ ජනප්‍රිය පාසලක සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබෙනවා.

උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් 360,000කගේ විභාග ප්‍රතිඵල මෙලෙස අනවසරයෙන් ලබාගෙන ඇති අතර මෙම කණ්ඩායම එම විභාග ප්‍රතිඵල වෙනස් කිරීමක යෙදුණේදැයි සොයාගැනීම සඳහා මෙම විමර්ශනය පවත්වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව කළ මූලික විමර්ශනයේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස මෙසේ විභාග අපේක්ෂකයන්ගේ දත්ත අනවසරයෙන් භාගත කළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ සිසුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මොහු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබීය.

විභාග කොමසාරිස් ධර්මසේන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා විසින් මේ පිළිබඳ විමර්ශන පරිගණක අපරාධ කොට්ඨාසයේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත විමර්ශන ඇරැඹීය. ඒ අනුව ඉදිරි විමර්ශන සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැවරිණි. ඒ අනුව එහි ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කළ තාක්ෂණික විමර්ශනයකින් පසු විභාග දෙපාර්තමේන්තුවේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ ටෙලිග්‍රෑම් සමූහය (Telegram group) හඳුනාගැනීමට නිලධාරීන්ට හැකිවිය.

2007 අංක 24 පරිගණක අපරාධ පනත යටතේ දත්ත සමඟ අනවසරයෙන් කටයුතු කිරීම බරපතළ වරදක් බවද රහස් පොලිසිය කීය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වෙබ් අඩවිය හඳුනාගෙනඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර සිසුවා මෙම වෙබ් අඩවිය මඟින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ තොරතුරු ප්‍රචාරය කර ඇති බවද සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

මෙම සැකකරුවන් ටෙලිග්‍රෑම් හැකින් ගෘෘප් එකක් ලෙසට තමන්ව හඳුන්වාගෙන ඇති අතර විභාග දෙපාර්තමේන්තු නිල විභාග ප්‍රතිඵල සහිත වෙබ් අඩවිය මොවුන් විසින් සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියට තාක්ෂණ ක්‍රමවේදයක් උපයෝගි කර ගනිමින් ඩවුන් ලෝඩ් කරගෙන ඇති බවද විමර්ශන නිලධාරියා සඳහන් කරනවා.

ඒ අනුව මොවුන් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට අයත් අපේක්ෂකයන් 360,000කගේ ප්‍රතිඵල පැය පහක කාලයක් තුළදී මෙසේ අනවසරයෙන් භාගත කරගෙන ඇති බවත් මොවුන් කණ්ඩායම උසස් පෙළ දක්ෂ පාසල් සිසුන් බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කරනවා. මෙලෙස වෙබ් අඩවියකට ඇතුළු වී එහි දත්ත සොරාගැනීම ඉතා අසීරු කටයුත්තක් නමුත් සිසුන්ගේ දක්ෂකම නිසා ඔවුන් මෙසේ කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් ඔවුන් පවසනවා.

කෙසේනමුත් දත්ත භාගත කර නැවත ප්‍රචාරය කළ 13 වසරේ පාසල් සිසුවා මූලික පරීක්ෂණවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමඟ තවත් කිහිපදෙනකු සම්බන්ධ වී ඇති බවත් මොහුගේ ප්‍රකාශය මත සෙසු සිසුන් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවත් විමර්ශන නිලධාරීන් පවසනවා.


RECENT ARTICLES - SINHALA

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග

0
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පසුවන සැකකරුවන්...

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...