බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ගණේමුල්ල සංජීවගේ සිර මැදිරිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා.
එහිදී ගණේමුල්ල සංජීව විසින් ඔහු සඟවා ගෙන සිටි නවීන ජංගම දුරකථනයක් පොළොවේ ගසා විනාශ කර තිබුණා.
එම උපාංගය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ඇති අතර එම දුරකථනයේ සිම්පත හමුවී නැහැ.
ඉදිරි විමර්ශන කටයුතු බන්ධනාගාර පාලනාධිකාරිය විසින් සිදුකරන බව සඳහන්.