32 C
Colombo
Friday, March 29, 2024

සුදු ලූණු වංචාවේ දත්තත් වෙනස් කරලා..!

- Advertisement -

සුදු ලූණු වංචාව සිදුවූ දිනට පසුදින සුදුඵෑණු වංචාවේ තොරතුරු වෙනසකට ලක්කර ඇති බව අධිකරණය හමුවේ හෙළි වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව අධිකරණයට දැනුම් දෙනු ලැබ ඇති අතර, සුදු ලූණු වංචාව සිදුවූ දිනට පසුදිනයේදී ලංකා සතොස ආයතනයේ පරිගණක දත්ත වෙනස් කර ඇති බව සතොස තාක්ෂණික අංශයේ සහකාර කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇති බවයි එහෙදී ඔවුන් පවසා සිටියේ.

ලංකා සතොස දත්ත පද්ධතියේ නඩත්තුව පෞද්ගලික ආයතනයකට ලබාදී ඇති බවයි. ලංකා ස.තො.ස සභාපති හිටපු මේජර් ජෙනරල් ආනන්ද පීරිස් මහතා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුුණු හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා,

”බන්දුල ගුණවර්ධන සුදුළූණු පොඩි කරන්න හැදුවා රටට. හැබැයි වැඩේ මාට්ටු. දැන් මොකද වෙලා තියෙන්නේ? තොරතුරු මැකිලා. බන්දුල ගුණවර්ධන මහත්තයා හෙට ඇවිල්ලා කියයිද දන්නේ නෑ වයිමා ඇවිල්ලා මැකුවා කියලා .මොකද පහුගිය දවස්වල අපි දැක්කා ඖෂධ ගෙන්විම හා ඖෂධ නියාමන අධිකාරියේ තියෙන තොරතුරු මකලා තිබිබා . තොරතුරු ගබඩා මකන එක තොරතුරු අතුරුදහන් කරන එක දැන් රාජපක්ෂ ආණ්ඩුවේ විලාසිතාව බවට පත්වෙලා තියෙනවා .ඇමෙරිකන් පුරවැසිභාවය සම්බන්ධයෙනුත් ප්‍රශ්නේ මෙහෙම්ම තිබුණා. ඒ නිසා ද්විත්ව පුරවැසි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහත්තයා දැන් මෙහෙයුමක් පටන් අරන් තියෙනවා.

මේ තොරතුරු මැකිම පුරුද්දක් කිරිම සඳහා වෙච්ච මෙහෙයුමක් .අපිට තියෙන බරපතළම ප්‍රශ්නේ මේ සුදුළූණු වංචාව සම්බන්ධයෙන් තොරතුරු මැකිම හරහා මොකක්ද කියන්නේ රටට? හොරකම් කරන හැම එකාටම කියනවා උබලා තොරතුරු මකලා නැතිවුණා කියපල්ලා කියලා .මේ මේ එතනට යන්නේ රට. මේවා මේ රටේ ජනතාවට අයිති දේවල් .හොරු දුෂිතයෝ වංචාකාරයෝ කාලෙන් කාලෙට ඇවිල්ලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේවා මකලා දාලා විනාශ කරලා යනවා කියන්නේ රට විනාශ කරලා යන එක තමයි. සමහර විට කියයිද දන්නේ නෑ. නඩු දාන්න තොරතුරු නෑ කියලා.මැකිලා කියලා .ඒ නිසා දැන් රට හැමතැනම තොරතුරු පද්ධති මකා දැමිමේ මෙහෙයුමක් ද මේ පටන් අරන් තියෙන්නේ? ඒ නිසා අපි දාපු නඩුවල තොරතුරුත් මැකිලා ටික දවසක් යනකොට නඩු දාපු අපිට හිරේ යන්න වෙලා හිරේ යන්න ඕන අය නිදහසේ ඉදියිද දන්නෙ නෑ. අප හෙට අනිද්දා මහින්දානන්ද මහත්තයා කියයි ද දන්නේ නෑ පොහොර ගෙනාපු එක බොරු වාර්තාවක් දුන්නේ . කලින් දිපු එක නෑ.ඒකේ තොරතුරු මැකිලා .දත්ත මැකිලා”


RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...