පුද්ගලික අංශයේ ද සහය ලබා ගනිමින් වැඩි වශයෙන් ඩ්‍රෝන යානා නිෂ්පාදනය කර ඊට අදාළ මෙහෙයුම් පුලුල් කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
මෙහිදී අඩු වියදම් ඩ්‍රෝන නිෂ්පාදකයකු වන Garuda Aerospace (ගරුඩා) සමාගම , ඩ්‍රෝන අත්හදා බැලීම් සිදු කිරීම සඳහා ඉන්දියානු හමුදාවට සහය පළ කර ඇති බව ද පැවසේ.
එම සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යෙදුම් විවිධාංගීකරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා සහ ඩ්‍රෝන් තාක්‍ෂණය ප්‍රදර්ශනය කිරීම, ආරක්ෂක විධිවිධානවලට සහාය වීම සහ ජාතියට සේවය කිරීම බව එහි ප්‍රධාන අරමුණ බවයි.
මෙම ඩ්‍රෝන යානා ක්ෂේත්‍ර පරීක්ෂණ සහ පුහුණුව සඳහා යොදා ගන්නා අතර එමඟින් යුද හමුදාවට පමණක් නොව කාර්යක්‍ෂමතාව වැඩි කරන ගෝලීය නිර්මාණ කිරීමටත් හැකි වනු ඇති බව පැවසේ.
මෙහිදී ආරක්ෂක අභිලාෂයන් වේගවත් කිරීමට උපකාරී වන ගෝලීය තාක්ෂණික හවුල්කරුවන්ගේ සහාය ලබා ගැනීමට ද නියමිතය.