30.5 C
Colombo
Tuesday, April 23, 2024

දින්නා නම් මටත් වෙන්නෙ නැට්ට අස්සෙ ගහන් ඉන්න..! – ඕෂධී හේවාමද්දුම

- Advertisement -

වත්මන් රජය බලයට පත් කිරීමට යම් කාර්‍යභාරයක් ඉටු කළ නමුත් රජයේ තීරණ ගනු ලබන්නේ තමන් නොවන අබ්ව ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධී බුද්ධිමා හේවාමද්දුම පවසනවා.

ඒ, ඉහළ ගිය ගෑස් මිල සම්බන්ධව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

ඕෂධී හේවාමද්දුම මහත්මිය පසුගිය මහමැතිවරණයේදී වියත්මග නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුණා.

එහෙත් ඇය එම දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්වූ අතර ඇයට ලබාගත හැකිවූයේ මනාප 10,957 ක් පමණයි.

එමෙන්ම, සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයක් ඇති වුවහොත් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ස්වෙච්ඡා සේවය සඳහා තමන් සූදානම් බව ඇය පසුගිය අගෝස්තු මස පවසා සිටියා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම කාර්යය සදහා අප සූදානම්ද යන්නත් ඇය ජනතාවගෙන් විමසා සිටියා.

මේ අතර, පසුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ කලකරුවන් අතර ඉදිරියෙන්ම සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් මහත්මියද රට හැර යෑමේ සූදානමින් සිටිනවා.

ඇය Youtube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ තමන් ශ්‍රී ලංකාවට ඉතාමත් ආදරය කරන බවත් මෙරට දමා යෑම වේදනාත්මක බවත්ය.


RECENT ARTICLES - SINHALA

රන් භාණ්ඩ සොරකමට මුල්‍ය ආයතනයේම දෙන්නෙක් අත්අඩංගුවට

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රන්භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා ඊයේ (22) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර...

මාලිමා අපේක්ෂකයෙක් විහාරස්ථානයකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දීලා

පාර හරස් කර නවතා තිබූ ලොරි රථයක් ඉවත් කරවීමට ගත් උත්සාහයක් නිසා බහින් බස් වීමක් දුරදිග යෑමේ හේතුව නිසා අනුරාධපුර අභය වැව විහාරස්ථානයට කඩා...

යාපනය සංවර්ධනයට රජයෙන් මිලියන 322ක්

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා පවසනවා. වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ ඊට...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...