ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් වැඩි කරන ලෙසට ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ඔවුන් මෙම ඉල්ලීම් කළ බව ඔහු පැවසීය.
“දේශීය වෙළෙඳපොළේ ගෑස් හිඟයක් පවතින බව අමාත්‍යාංශය පිළිගන්නා නමුත් එය මීට පෙර තත්වයට වඩා වෙනස්. අමාත්‍යාංශයෙන් ලද තොරතුරුවලට අනුව මේ වන විට ගෑස් නිෂ්පාදනය සිදු වෙමින් පවතිනවා” යනුවෙන් ඔහු පැවසීය.
එමෙන්ම, ගෑස් මිල සම්බන්ධයෙන් සමාගම් සමග සාකච්ඡා කරමින් පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ.