25 C
Colombo
Saturday, December 9, 2023

ගාසාහි ප්‍රධාන රෝහල මරණීය කලාපයක් ලෙස නම් කරයි

- Advertisement -

ලෝක සෞඛ්‍ය සංවිධානය, ගාසාහි  අල්-ෂිෆා රෝහල මරණීය කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව අල්-ශිෆා රෝහල අත්පත් කර ගෙන එහි සිටි රෝගීන් සහ අනෙකුත් පිරිස් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් පැයක පමණ කාලයක් එම පරිශ්‍රයේ නිරීක්ෂණය කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව, රෝහල තුළ ෂෙල් වෙඩි ප්‍රහාර සහ වෙඩි තැබීම් පිළිබඳ සාක්ෂි තමන් දුටු අතර රෝහල් පිවිසුම අසල සමූහ මිනීවළද දැක ගන්නට ලැබුණු බව එම නිලධාරීන් පවසා තිබෙනවා.

ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ පුද්ගල මළසිරුරු  80ක් පමණ එහි ගොඩ ගසා ඇති බවයි.

අල්-ශිෆා රෝහලෙන් එහි සිටින පිරිස් ඉවත් කරන ලෙස ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබුණත් එම රෝහල තුළ රෝගීන් 300ක් පමණ තවමත් රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත්, ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ අල්-ශිෆා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත මෙලෙස රෝගීන් ඉවත් කිරීම සිදු කළ බවයි.  

මේ අතර, ගාසා තීරයේ ඉතිරිව සිටින රෝගීන් සහ කාර්ය මණ්ඩලය කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට තම සංවිධානය උත්සාහ දරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානය තවදුරටත් පවසන්නේ ඔවුන් නැවත නැවතත් සටන් විරාමයක් සඳහා ඉල්ලීම් සිදු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...