දිස්ත්‍රික්ක අනුව ලීටර් 18 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක උපරිම මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල ලීටර් 18 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අලෙවිකල හැකි උපරිම සිල්ලර මිල සදහන් කර ඇති අතර ඒ ඒ දිස්ත්‍රික්ක අනුව එකම ගෑස් සිලින්ඩරය විවිධ මිල ගණන් යටතේ අලෙවි වනු ඇති.
ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මෙහි සදහන් මිලට වැඩියෙන් තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් වෙළෙදාම් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා බෙදා හැරීම, වෙළෙදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ වෙළෙදාම් කිරීම සඳහා සැපයීම නොකල යුතු බවට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔබ ජීවත්වන දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරයක මිල පහත පනතින් දැනගත හැකියි.

