29 C
Colombo
Sunday, June 26, 2022

සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් මිල සම්බන්ධව ගැසට් නිවේදනයක්

- Advertisement -

සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

මීට පෙර 2017 වසරේ පනවන ලද ගැසට් නිවේදනයකට අනුව මයිසූර් පරිප්පු කිලෝවක් සදහා රුපියල් 159ක්, ආනයනික වියළි හාල් මැස්සන් කිලෝවක් සදහා රුපියල් 490ක්, මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 205ක් සහ අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 115ක්, සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 122ක්, දුඹුරු සීනි කිලෝවක් සදහා රුපියල් 125ක් ලෙස මීට පෙර ගැසට් පත්‍ර මගින් උපරිම මිල සීමාවක් නියම කර තිබුණා.

මීට අමතරව කඩල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 260ක්, වියළි මිරිස් කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 385ක්, කට්ටා කරවල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 1100ක්, සාලයා කරවල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 425ක්, සස්ටජන් ග්‍රෑම් 400යේ පැකට්ටුවක් සදහා 1500ක් සහ උම්බලකඩ කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 1500ක් ව පැවති උපරිම මිල සීමාව ද නව ගැසට් පත්‍රය මගින් ඉවත් කර තිබෙනවා.

ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසිනුයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

විදුලිය විසන්ධි කරන කාලය ඉහළට

මේ වන විට පැය 2 යි විනාඩි 30 ක් ව පවත්නා විදුලි කප්පාදු කාලය පැය 3 ක් දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගීතා...

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...