28 C
Colombo
Thursday, April 25, 2024

වතු කම්කරු වැටුප රුපියල් 1,000ක් කෙරෙන ගැසට් නිවේදනය සතියක් තුළ

- Advertisement -

වතු සේවක දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කරන ගැසට් නිවේදනය සතියක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පඩි පාලක සභාව ඊයේ (01) රැස්වී අදාළ තීරණය ස්ථීර කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වතු සේවක දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණි.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම නිසා විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය පඩි පාලක සභාව වෙත යොමු කරන ලදි.

ඒ අනුව වතු සේවකයින්ගේ දෛනික මූලික වැටුප රුපියල් 900 ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100 ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1,000 ක් ගෙවීමේ තීරණයට පඩි පාලක සභාව පැමිණියේ ඉකුත් පෙබරවාරි 08 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

අනතුරුව ඒ සඳහා විරෝධතා දැක්වීමට පසුගිය පෙබරවාරි 15 වනදා දක්වා කල් දී තිබූ අතර ඉන් පසු පඩි පාලක සභාව ඊයේ යළි රැස්වුණි.

ඒ අනුව සේවකයින්ට රුපියල් 1,000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉතුක් සභාවේ එළඹි තීරණය අද සභා රැස්වීමේදී ස්ථිර වූ බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...