30 C
Colombo
Thursday, January 16, 2025

අස්වැසුම යෝජනා ක්‍රමය ගැන ගැසට්ටුව එළියට

- Advertisement -

සංශෝධනයට ලක් කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් කර තිබෙනවා.

ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500 සිට රුපියල් 10, 000 දක්වා ඉහළ නංවා තිබෙන බවයි පැවසෙන්නේ.

තවද අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ අතරේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ සහ අන්ත දිළිඳු තැනැත්තන් සහා පවුල් 480,000ක් සඳහා පිළිවෙලින් රුපියල් 5,000 සහ 17,00ක මාසික සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් ගෙවනු ඇති.

දුප්පත් පවුල් 960,000ක් සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ දීමනාවන රුපියල් 10,000ක්.

එමගින් සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය 2025.03.31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව 2024 මැයි මස 17 වැනි දිනැතිව නිකුත් කරන ලද අස්වැසුම සුභසාධක ගෙවීමේ යෝජනා ක්‍රමය අවලංගු වනු ඇති.

කෙසේ නමුත් මේ වන විටත් ප්‍රතිලාභ සඳහා තෝරාගෙන ඇති හා විවිධ හේතු මත ගෙවීම් සිදු කිරීම ප්‍රමාදව ඇති ප්‍රතිලාභීන්ද, අභියාචනා ඉදිරිපත් කර මේ වන විටත් විභාග කෙරෙමින් පවතින අයදුම්කරුවන් සඳහාද ඔවුන්ගේ සුදුසුකම් ලැබීම් මත එම ගෙවීම් මේ මස 31 වැනිදා දක්වා ගෙවීමට පියවර ගෙන ඇති බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...