රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මීට සුළු වේලාවකට පෙර සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ රැලියක වේදිකාවට එක් වී තිබුණා.
මේ වනවිට මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජන රැලියට ඇය එලෙස සහභාගී වී තිබුණා.
බෙන්තර – ඇල්පිටිය ආසනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අවසන් වරට පාර්ලිමේන්තුවට පිවිසි ඇය, මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලබනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු කාන්තා, ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකත්වයද දරනවා.