29 C
Colombo
Sunday, October 1, 2023

වසරේ ළමයා ගීතාංජලී රාඕ- ‘මාර කෙල්ලෙක්’

- Advertisement -

ටයිම් සඟරාව හැම අවුරුද්දකටම පාරක් වසරේ පුද්ගලයා නම් කරනවා. මේ පාර පළවැනි වතාවට ටයිම් සඟරාව ‘වසරේ ළමයා’ නම් කරලා තියෙනවා.

පළවැනි වතාවේ වසරේ ළමයා විදියට තේරුණේ අවුරුදු 15ක් වන ගීතාංජලී රාඕ.

ඒකත් මරු වැඩක්. ගිය අවුරුද්දේ ටයිම් සඟරාවේ ‘වසරේ පුද්ගලයා’ වුණේ ස්වීඩනයේ ඉන්න පොඩි කෙල්ල ග්‍රෙටා තුන්බර්ග්. මීට කලින් මලාලා යූසුෆායි වසරේ පුද්ගලයා වුණා.

ඔය ජනාධිපතිලා, අගමැතිලා වගේ ලොකු ලොකු මිනිස්සු පිස්සුම කෙළින කාලෙක, මෙහෙම ගියොත් ‘පොඩි පොඩි කෙල්ලො’ හැමදාම වසරේ පුද්ගලයා කියන කැටගරිය කොල්ලකයි කියලා හිතලාදෝ මෙදා පාර ටයිම් සඟරාවෙන් ළමයින්ට වෙනම කැටගරියක් දාලා.

මේ පාර ‘වසරේ ළමයා’ කියන කැටගරියට මේ ගීතාංජලී කියන කෙල්ල අහුවෙච්ච එක හරි විශේෂයි. ඇය පුංචි විද්‍යාඥවරියක්. ඇමෙරිකාවෙ හැදී වැඩිච්ච ඉන්දීය සම්භවයක් තියෙන ළමයෙක් ඇය. විශේෂ නිර්මාණ ගණනාවක් කරලා තියෙනවා. ස්ටෙම් විෂයන් හෙවත් විද්‍යා, තාක්ෂණ, ගණිත, ඉංජිනේරු විෂයන්වලට ප්‍රමෝට් කිරීම වගේ දේවල් නිසා ඇය විශේෂ චරිතයක් විදියට හඳුනගෙන තියෙනවා. ඒ වගේම මේ පොඩි වයසෙදී එයා කාන්තාවන්ට සහ පිරිමින්ට සමාන පඩියක් ගෙවන්න කියලා ඉල්ලන ෆයිට්වලත් ඉස්සරහා හිටියාලු.

ටයිම් යූටියුබ් චැනල් එකේ එයා ගැන විස්තර කෙරෙන වීඩියෝව හරි අපූරුයි. ඒකෙදී ඇය කතා ඇන්ජලීනා ජොලී එක්ක කතා කරනවා.

‘මං මාර කුතුහලයෙන් ඉන්න කෙනෙක්. ඒක මං ගැන දැනගන්න තියෙන එක දෙයක්. මම කැමතියි පරිසරය, සොබාදහම ගැන. හැමදේම ගැන ඉගෙනගැනිල්ලෙන් මට මාර රසයක් ලැබෙනවා.

ඒ නිසා ඉස්කෝලෙදී හැමදේම මට සුපිරි විනෝදයක් ගේනවා.

විද්‍යාවයි, තාක්ෂණයයි ඉන්වෝල් වෙන්නෙ නැත්නම් ලෝකය කරුණාවෙන් පිරිලා තියෙනවා කියලා හිතන්න මට බෑ.’

ගීතාංජලී එහෙම කියනවා.

ගීතාංජලී ටැපිස් කියන යන්ත්‍රය නිර්මාණය කළා. ඒක වතුරවල තියෙන දේ දැනගන්න යන්ත්‍රයක්. බොන වතුරවල තියෙන ලෙඩ් හොයන එකයි ඒ යන්ත්‍රය විශේෂයෙන් කරන්නේ. වතුර එක්ක ඊයම් බොන එක හරි නරකයි.

මීට කලින් බොන වතුර එක්ක ඊයම් බීපු අවස්ථා ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් බොන වතුර ගන්න ගංගාවලට හෙම ඊයම් එකතු වුණොත් ඒක අපි බොන වතුරට එකතු වෙනවා. විශේෂයෙන් ඇමෙරිකාවෙ මිචිගන්වල ෆ්ලින්ට් කියන ටවුන් එකේ වතුරවලට 2014 දී ලෙඩ් එකතුවෙලා මාර සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති වුණා. ගීතාංජලීගෙ උපකරණෙ හදන්න හේතු වුණේ ඒ ගැන දැනගන්න ලැබීමලු.

ඊයම් කියන්නේ මහා වසක්. විශේෂයෙන් ළමයින්ට මාර ලෙඩ තොගයක් ඊයම් ශරීරගත වුණොත් එනවා.  

වැඩිදුර දැනගැනීමට කියන්නේ. ලංකාවේ කැලණි ගඟේ පවා ඊයම් වැඩි බවට අදහසක් තියෙනවා.

ඉතින්, බොන්න කලින් වතුරවල ඊයම් දැනගන්න පුළුවන් යන්ත්‍රයක් හැදිල්ල හරිම වැදගත්.

ගීතාංජලීට අවුරුදු පහක් විතර කාලෙ එයාගෙ මාමා කෙමෙස්ට්‍රි කිට් එකක් අරන් දුන්නාලු. (සෙල්ලම් තුවක්කුවලට වඩා අමුතු තෑග්ගක්.) ඒ කෙමෙස්ට්‍රි කිට් එක හින්ද එයාගෙ ජීවිතේ වෙනස් වුණාලු.

හැබැයි මේ ළමයගෙ ළමා ජීවිතේත් වැදගත්. ඉතිං එයා ළමයෙක් විදියට ජීවත්වෙන්නත් ට්‍රයි කරනවාලු. එයා ලෝකයේ ගොඩක් තැන්වල ඇවිද්දාලු. 2020 දී ගෙදර හිරවෙලා ඉද්දී ගොඩක් දේවල් බේක් කළාලු. ඩයිනසෝර්ලාට එයා කැමතියිලු.

ඇත්තටම ඒ ළමයා ගැන හොයලා බලද්දී හැඟෙන්නේ ‘මාර කෙල්ලෙක්’ කියලයි. කතා කරද්දී මුඛරිකම, දැනුමෙන් පිරුණු ගතිය, දැක්මක් තියෙන බව බලා ඉන්න ආසයි. හැම ළමයාම විශේෂ වෙන්න ඕනෑ නෑ. ඒත්, මේ වගේ විශේෂ ළමයිනුත් එන්න ඉපැයි. අනාගතේ ගැන බලාපොරොත්තු ඇති කරගන්න.

RECENT ARTICLES - SINHALA

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...