එවකට ඒකාබද්ධ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් 52දෙනෙකුට ඇමතිධූර හිමිවන විට කාන්තාවක් වන තමන්ට පමණක් ඇමතිධූරයක් හිමි නොවූ බවට ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පවසනවා.
ඒ, අද (20) දින පාර්ලිමේන්තුව අමතමින්.
ඒකාබද්ධ විපක්ෂයේ සිටි කාන්තාවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම පක්ෂය හැරදා යනවිට කාන්තාවක් ලෙසට ඉතිරිවූයේ තමන් පමණක් වුවද එම කාන්තාවට අසාධාරණ ලෙසට සලකා ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
“අම්පාරෙන් ආපු මන්ත්‍රීතුමිය සඳ බැසගෙන ගියා අනිත් පැත්තට. රත්නපුරේ මැණිකත් එහෙම්මම පාස් උනා ඇමතිකමක් අරගෙන. ඉතුරු උනේ මම විතරයි. එදා ඒකාබද්ධ විපක්ෂෙට කළුපටියක් ගේන්න කෙනෙක් හිටියෙ නෑ. ඒක ගෙනාවෙත් මම.
එදා 2010දී මම දේශපාලනයට ආවේ අපේ දැන් ලේකම්තුමා සාගර කාරියවසම් මැතිතුමයි මායි තමයි බෙන්තර ඇල්පිටිය ආසනයට තරඟ කළේ. එතුමා අද ලේකම්තුමා. අර 53දෙනෙක් හිටියා මන්ත්‍රීවරු එදා ඒකාබද්ධ විපක්ෂෙ. ඒ 52ක් දැන් ඇමතිවරු. මම ඉන්නවා පිටිපස්සෙ. ඔන්න ඔහොමයි 3% කාන්තාවන්ට සලකන්නේ.
උඩ ඉන්නවා දෙවිවරු. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔබ ක්‍රියාවක් කරන විට ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මට ඔබලා හැමෝටම කියන්න ඕන, සිදුවූ දේ හරිම අසාධාරණයි!