27.8 C
Colombo
Thursday, July 17, 2025

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

- Advertisement -

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා.

ඒ පෙබරවාරි 23 වන දින හදිසි මැතිවරණයක් සඳහා මග පාදමින්.

මේ මස මුළදී ජර්මානු මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර්ගේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සාමාජිකයින්, සභාග ආණ්ඩුවෙන් ඉවත් වුණා.

එහිදී ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජයට ව්‍යවස්ථාදායක බහුතරයක් නොමැතිව ඉවත් වීමට සිදුවූයේ පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග යෝජනාවකින් ෂෝල්ස් පරාජයට පත් වීමත් සමගයි.

මේ වන විටත් ජර්මනියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වී ඇති අතර, වත්මන් රජය අධික රෙගුලාසි පනවා වර්ධනය අඩාල කර ඇති බව පවසමින්, ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති බවට මත පළ වනවා.

මේ අතර සමීක්ෂණවලින් පෙනී යන්නේ ෂෝල්ස් වෙනුවට කොන්සර්වේටිව් අභියෝගකරු ෆ්‍රෙඩ්රික් මර්ස් පත් වීමට ඉඩ ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ගැරී ආනන්දසංගරී LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට එසවීමට කටයුතු කරන්න

ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES

ගැරී ආනන්දසංගරී LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

ලෝකයේම අවධානය දිනූ Tomorrowland ගිනි අරන්

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සංගීත ප්‍රශංගයට දින දෙකකට...

අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන්...