තම රටේ විශ්ව විද්‍යාල තුළ චීන අධ්‍යයනය පිළිබද ආයතන පිහිටුවමින් චීනයේ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික අංශ පිළිබද පුලුල් පර්යේෂණාත්මක අධ්‍යයන සිදුකිරීමට ජර්මනිය තීරණය කොට තිබේ.
මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 28ක පමණ මුදලක් ආයෝජනය කිරීමට ජර්මනිය සැලසුම් කර ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
දැනටමත් ජර්මනියේ විශ්ව විද්‍යාල තුළ චීන අධ්‍යයනය පිළිබද ආයතන ගණනාවක් පැවතියත් ඉන් බොහොමයක් චීනයේ විවිධ අනුග්‍රහයන් ලබමින් චීන ශ්‍රාස්තඥයන්ගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක වන ඒවා වේ.
ඒ වෙනුවට චීනය පිළිබද ස්වාධීන දැනුම් පද්ධතියක් බිහි කරගැනීම ජර්මනියේ අපේක්ෂාව වී තිබේ.
ඒ හරහා වඩා ස්වාධීන සහ පාරදෘශ්‍යව චීනය පිළිබද දැනුම ලබාගෙන අනාගත චීන සබදතා තීරණය කිරීම ජර්මනියේ අපේක්ෂාව බව සදහන් වේ.