32 C
Colombo
Saturday, March 25, 2023

ජීවිතේ කවදාවත් නොවිඳි දුක් විඳින්න ලෑස්ති වෙන්න..! – රනිල්

- Advertisement -

ඉදිරි මාස 06 ක කාලය අතිශය දුෂ්කර වකවානුවක් වියහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි තත්වයන්ට එම කාලසීමාව තුළදී මුහුණදීමට සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අකමැත්තෙන් වුවද එම තත්වයට මුහුණදීමට සිදුවන බවත්, එය මගහැර යා නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (05) කොළඹදී පැවති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

මුහුණදීමට ඇති අතිශය බැරෑරුම් තත්වයෙන් යම් ප්‍රමාණයකට හෝ මිදීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම එකම විසඳුම බවත්, මේ වනවිටත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිකර ගැනීමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ කවුරුන් අකමැති වුවද IMF සහාය ලබා ගැනීමට සිදුවන බවයි.

යම් දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංවිධානයක් හෝ මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට විරෝධය දක්වන්නේ නම්, ගතහැකි විකල්ප විසඳුම් මොනවාද යන්න පිළිබඳව යෝජනා ඉදිරිපත් කළයුතු බව වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් මේ දක්වා කිසිදු පාර්ශ්වයක් විකල්ප විසඳුම් යෝජනා කර නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

වත්මන් අර්බුදයට ප්‍රධාන හේතුව මෙතෙක් අනුගමනය කළ පැරණි ආර්ථික ප්‍රතිපත්ති බැවින් තවදුරටත් එම අසාර්ථක පැරණි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම වෙනුවට අලුතින් සිතා නවීන ආර්ථික සැළසුම් සකස් කළයුතු බවත් එසේ නොමැතිව සාර්ථක දිගුකාලීන ජයග්‍රහණ අත්පත් කරගත නොහැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...