29.7 C
Colombo
Wednesday, April 24, 2024

වසංගතයෙන් මිදෙන්න, නිවෙසට වෙලා ඉන්න මේ සතියේ ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය වාතලයට මුසු කරන්න – චන්න ජයසුමන

- Advertisement -

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය සඳහා ලබාදිය හැකි උපරිම විසදුම එන්නත්කරණය බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

එබැවින් දේශීය වෛද්‍ය ක්‍රමය හරහා මෙම වසංගතය පාලනය කළ හැකි යම් ක්‍රමවේදයක් තිබේ නම් ඒවා මෙම වසංගතය පාලනයට යොදාගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව පෙරේදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

එමෙන්ම පවත්නා අවධානම් තත්ත්වයෙන් මිදීම සඳහා රටේ සියලු ජනතාවගේ ආධ්‍යාත්මික ශක්තිය අවශ්‍ය බවද චන්න ජයසුමන මහතා අවධාරණය කරනවා.

එබැවින් නිවෙසට වී සිටින මෙම සතිය තුළ රතන සූත්‍රය දේශනා කොට මෙම වසංගතයෙන් මිදීම සඳහා ජනතාවගේ ආධ්‍යාත්මික ශක්තිය වාතලයට මුසු කරන ලෙසට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

රනිල්ට අභියෝගය රනිල්ම තමයි-රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් බවත් මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...