30 C
Colombo
Monday, March 20, 2023

චීනයෙන් ණය සහන ලබා ගැනීම අභියෝගයක් – ජනපති ජපන් මාධ්‍යයට කියද්දී ණය සහන හරහා චීනය කරන යටි කූට්ටු වැඩ ගැන ඉන්දීය මාධ්‍ය වාර්තාවක්

- Advertisement -

ණය සහන පිළිබඳ සිය ස්ථාවරය කැපී පෙනන ලෙස වෙනස් කරන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ Nikkei Asia සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ගනුදෙනුවකට එළඹීම සරල කාර්යයක් නොවන බව පිළිගනිමින් යැයි Nikkei Asia වාර්තා කළා.

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනය වෙත කරන මෙම ආයාචනය, විදේශ සංචිත හිඟයෙන් මිරිකුණු ආර්ථිකයක් යලි ගොඩනැගීමට උත්සාහ කරන රටේ මූල්‍ය කණ්ඩායමට නායකත්වය දෙන ජනාධිපතිවරයාට ඇති බලවත්ම අභියෝගය බව ඔවුන් වාර්තා කරනවා.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවැත්වෙන සාකච්ඡා වටයේදී මෙම ප්‍රයත්නය ප්‍රමුඛස්ථානයක් ගනු ඇති.
“ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සහ සියලුම ණය හිමියන්ට එක හා සමාන ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය අපි චීන රජයට දන්වා තිබෙනවා,” ජනාධිපතිවරයා Nikkei Asia වෙත පවසා තිබෙනවා.

“චීනය, ඇත්ත වශයෙන්ම, වෙනස් ප්‍රවේශයක් අනුගමනය කර තිබෙනවා, එබැවින් අනෙක් ණයහිමියන්ගේ පාර්ශවයන්ට ශ්‍රී ලංකාව චීනය සමඟ ඇති කර ගත හැකි ගිවිසුම කුමක්ද යන්න ප්‍රශ්නයක්” ජනාධිපතිවරයා තමන් හමුවේ ඇති අභියෝගය පැහැදිලි කර තිබුණා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට චීනයේ ණය ප්‍රතිමූල්‍යකරණය කිරීමේ හෝ චීන බැංකුවලට ණය වී සිටින රටවල් සඳහා ආපසු ගෙවීමේ දිනයන් කල් දැමීමේ චීනය යෝජනා කරන ක්‍රමවේදය තරමක් සංකීර්ණ සහ ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් දරාගත නොහැකි තත්ත්වයක් බව ජනාධිපතිවරයාගේ අදහසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වුවද පසුගිය දිනෙක වක්‍රාකාරව පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩගස්වනු ලබන්නේ චීන සාධකය බවයි.

ශ්‍රී ලංකාවේ ණය දරාගත නොහැකි තත්ත්වයක ඇති බව තක්සේරු කර ඇති බැවින් විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරනවා.
පළපුරුදු නිරීක්ෂකයින් දකින්නේ එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගනු ලබන ඕනෑම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට පෙර චීනය එකඟකරවා ගැනීමට වික්‍රමසිංහ පරිපාලනය තල්ලු කරනක් බවයි.
ඩොලර් බිලියන 81ක ආර්ථිකයේ ණය හිමියන්ගේ ලැයිස්තුව බිලියන 14ක විශාලතම පංගුව හිමි බටහිර ස්වෛරී බැඳුම්කරහිමියන්ගේ සිට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික රටවල් දක්වා විහිදෙන අතර ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතනද වනවා.

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51 තරම් විශාල වෙද්දී 2001 සිට 2021 දක්වා චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9.95කට ආසන්න බව ඇතැම් ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් ඇස්තමේන්තු කරනවා.
ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව 2022 වසරේදී ගෙවිය යුතු ඩොලර් බිලියන 6.9 ක ණය සේවාකරණය විදේශ සංචිත හිඟය හේතුවෙන් අත්හිටවූවා.

රාජපක්ෂ පරිපාලනය, කලෙක පටන් චීනයට ගැති ලෙස සලකනු ලැබූවද, බහුවිධ ගැටුම් මත චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වුණා.
චීන පොහොර නැවක් ප්‍රතික්ෂේප කිරීම සහ අධිවේගී මාර්ග ව්‍යාපෘතියකදී චීන සමාගමක් නොතකා හැරීම ඊට හේතු ලෙස සැලකිය හැකියි.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා මුලින් චීනයට ලබා දී තිබූ උතුරු මුහුදේ දූපත් පසුව ඉන්දියාවට ලබා දීමේ විපාකයට ද ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවුණා.

එසේ තිබියදී චීන පර්යේෂණ නෞකාවේ හම්බන්තොට සංචාරය පමා කරලීමද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවට බලපෑම් කරන බවට සැක මතු කෙරුණා.
ඉන්දියන් සාගරයේ උණුසුම් වෙමින් පවතින භූ දේශපාලනික තත්ත්වය වලක්වා ගැනීම ශ්‍රී ලංකාව මත පැටවී ඇති අතර චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය දෙස හුදු ආර්ථික කෝණයකින් පමණක් බලනු ඇත්දැයි ගැටලු සහගතයි.
එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ස්වාර්ථයන් සපුරාලන ආකාරයේ කොන්දේසි පනවන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ANI ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ ශ්‍රී ලංකාව මෙවැනි උත්සාහයන් කවර ආකාරයකින් හෝ වලක්වාගත යුතු බවයි.
ශ්‍රී ලංකාව ප්‍රධාන ණය දෙන්නන් සමඟ සාකච්ඡා ආරම්භ කරන බැවින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන්හිදී චීනයේ භූමිකාව ඉතා ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ යුතුව ඇතැයි ANI පවසන්නේ චීනයේ ණය සහන වෙනත් රටවලට වඩා බොහෝ සෙයින් වෙනස් බැවිනුයි.

චීනය ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වන ආකාරය රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගමන් පථය සහ කාලසීමාව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් වනවා.
ණය තිරසාරභාවය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා වන ශ්‍රී ලංකාවේ මාවත තීරණය වන්නේ චීනයේ ක්‍රියාපිලිවෙත මතයි.
ශ්‍රී ලංකාවේ මුළු මධ්‍යම රාජ්‍ය ණයවලින් සියයට 6.2 ක් පමණ චීනය සතු වන අතර, ඉන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 670 ක් මධ්‍යම රජයේ ණය ලෙස ද, ඩොලර් බිලියන 7කට ආසන්න බහුතරය චීනයේ එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුව (CDB) වැනි රාජ්‍ය ආයතන හරහා ලබා ගෙන තිබෙනවා.

මෙම ණය මහාමාර්ග (දකුණු සහ මධ්‍යම අධිවේගී මාර්ගවල කොටස් ඇතුළුව), වැරදි ලෙස සැලසුම් කර ඇති වරාය සහ ගුවන් තොටුපල, සම්මේලන මධ්‍යස්ථාන සහ නෙලුම් කුළුණු ඇතුළු පුළුල් පරාසයක ව්‍යාපෘති සඳහා යොදා ගෙන තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, පසුගිය දශකය පුරාවටම චීන ණයවල වටිනාකම පිළිබඳ ගැටලු ද ඇති වුණා.

හම්බන්තොට වරාය මේ වන විට චීනය විසින් උපක්‍රමශීලිව නැවත සිය පාලනය යටතට ගෙන ඇති අතර, අවම තරමින් එය චීනයට බදුදිමෙන් ලබාගත් මුදල් පවා, අදාළ චීන ණය ආපසු ගෙවීම වෙනුවෙන් වැය නොකර, වෙනත් රජයේ වියදම් වෙනුවෙන් වැයකර ඇති බව අනාවරණය වුයේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදීයි.

ශ්‍රී ලංකාවට මේ වසරේ ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ඇති අතර ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 25ක් ණය ආපසු ගෙවීමට අවශ්‍ය වනු ඇත. නමුත් එම ණය ආපසු ගෙවීමේ තිරසර මාර්ග සිතියමක් තවමත් සකස් කරගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති අතර දිනෙන් දින ආර්ථික අර්බුදයේ පතුලටම ගමන් කරමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.