30 C
Colombo
Monday, May 29, 2023

අලි සබ්‍රිගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තුවේදී ගෙවිදු කුමාරතුංගගේ විරෝධය (වීඩියෝ)

- Advertisement -

අධිකරණ තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබාදීම පිළිබදව අද (17) පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක්වුණා.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පැවසුවේ වැදගත් නඩු තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබාදීම ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් බවයි.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ සංශෝධනය සම්බන්ධ අධිකරණ තීන්දුව වැනි වැදගත් නඩු තීන්දුද ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබාදී ඇති බව ඔහු මෙහිදී පෙන්වා දෙනු ලැබූවා.

මේ කරුණ පිළිබදව අවස්ථා කිහිපයකදීම අධිකරණ අමාත්‍යවරයාට දන්වා ඇතත් ඔහු ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකරන බව ගෙවිදු කුමාරතුංග මහතා පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද සදහන් කළේ 2019 කොරෝනා වෛරසය පිළිබදව තාවකාලික විධිවිධාන පනතද ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවයි.

අධිකරණ අමාත්‍යවරයා කොරෝනා වසංගතය තුළද ගේම් ගසමින් සිටින බවට මෙහිදී චෝදනා එල්ල වුණා.

RECENT ARTICLES - SINHALA

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

සා. පෙළ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවයි

2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව අද(29) කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.

Nathasha Edirisooriya arrested by CID

0
Nathasha Edirisooriya who made some controversial statements at a stand up comedy event held recently was arrested by the CID at Bandaranaike...

Distinguished diplomat Jayantha Dhanapala passed away

0
Jayantha Dhanapala, a distinguished diplomat who served as the United Nations Under-Secretary-General for Disarmament Affairs and as Sri Lanka's Ambassador to the...