32 C
Colombo
Thursday, March 28, 2024

ගිල්ගිට්-බල්ටිස්තානය ඉන්දියාව ඕනෑ කියයි

- Advertisement -

ගිල්ගිට්-බල්ටිස්තානයේ විරෝධතාකරුවන් ඉන්දියාව සමඟ එක්සත් වීමට ඉල්ලා සිටීම මේ වන විට පාකිස්තානයේ බරපතල කනස්සල්ලට හේතුවී ඇති බව වාර්තා වේ.

පාකිස්තානයෙන් වෙන්වීමට අවශ්‍ය බව පන්ජාබ් හැර අනෙකුත් සියලුම පාකිස්තාන පළාත් පසුගිය කාලය පුරා ප්‍රකාශ කර තිබිණි.

ඒ අතුරින් ගිල්ගිට්-බල්ටිස්තානය දැන් ඉන්දියාව සමඟ එක්සත් වීමට ඉල්ලා ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි. කලින් උතුරු ප්‍රදේශ ලෙස හැඳින්වූ කාශ්මීරයට යාබද ගිල්ගිට්-බල්ටිස්තානය, දැනට පාකිස්තනයේ පරිපාලනය යටතේ පවතින නමුත්, ඉන්දියාව සහ පකිස්ථානය අතර එම කලාපය සමබන්ධයෙන් ආරවුල් පවතී.

කෙසේවෙතත් ඉන්දියාව ගිල්ගිට්-බල්ටිස්තාන කලාපයේ මෙම වර්ධනයන්ට නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නැත.

ඉන්දීය රජය, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය විසින් පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ මිලිටරි පීඩනය, මූලික අයිතිවාසිකම් නොමැතිකම, ඉහළ උද්ධමනය, විරැකියාව සහ තිරසාර නොවන සම්පත් සූරාකෑම පිළිබඳ විරෝධතා ඇතුළු ගැටලු නිරන්තරයෙන් ඉස්මතු කරන බව වාර්තාවෙනවා.

ගිල්ගිට්-බල්ටිස්තානයේ විරෝධතාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට නිකුත් කරමින් සිය කලාපය ඉන්දියාවේ ලඩාක් කලාපයට අයත් කාර්ගිල් වෙත ඈඳා ගන්නා ලෙස ඉල්ලා සිටිනු දැකිය හැකිවේ.

RECENT ARTICLES - SINHALA

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන...

ෂොපින් බෑග්වල බඩු ගන්න අය මේකත් දැනගන්න

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...