25 C
Colombo
Wednesday, February 19, 2025

මහියංගණයේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ තරුණිය ජීවිතක්ෂයට

- Advertisement -

මහියංගණය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය රජමහා විහාරස්ථානයට නුදුරින් ඇලෑවේල ප්‍රදේශයේදී ඊයේ (14) සිදු වූ රිය අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ 24 හැවිරිදි තරුණිය අද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි සිව්දෙනෙකු බරපල තුවාල ලබා මහියංගණය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.

එහිදී මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිදීමාලියද්ද, 12 කණුව, ඌරණිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම් හිමන්ෂි සෙව්වන්දි නමැති අවිවාහක තරුණියක්.

අනතුරින් තුවාල ලැබු අනෙක් තිදෙනාගේ තත්ත්වය ද බරපතල බවත් 15 හැවිරිදි නැගණිය බදුල්ල මහා රෝහලට මරුකර යවා ඇතැයිද වාර්තා වනවා.

පොලිසිය පැවසුවේ, අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරු කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බවයි.


RECENT ARTICLES - SINHALA

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

POPULAR ARTICLES

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

චමරි WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතයි. ඒ ශ්‍රී...