32 C
Colombo
Friday, March 31, 2023

රනිල්ගේ ගෙදරට ගහපු අය ගැන විස්තර දෙන්න – පොලීසිය

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට හා නිල රථයට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ඇති නම් ඒවා තමන් වෙත ලබාදෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය 09 වනදා සිදුවූ කලහකාරී සිදුවීම් අතරතුර වත්මන් ජනාධිපති, එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට හා නිල රථයට ප්‍රහාර එල්ලකර දැඩි අලාභ හානි සිදු කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ එම සිදුවීමට අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ඇත්නම් ඒවා 071- 8594950 යන අංකයට වට්ස්ඇප් ඔස්සේ යොමු කරන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තොරතුරු ඉල්ලා සිටින අතරතුරදී ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර අරගලකරුවන් හට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ජනාධිපති ලේකම් කාර්යාලය හා ඒ අවට සිටි සියලුම පුද්ගලයින් එළවා දැමුවා.

මෙහිදී දෙස් විදෙස් මාධ්‍යවේදීන්ද ප්‍රහාරයට ලක්වූ අතර සිවිල් පුරවැසියන් රැසක්ද හමුදාවේ හා පොලීසියේ ගොදුරු බවට පත් වුණා.


RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...