බන්ධනාගාරයේ සිරකරුවන්ට බත් වෙනුවට කොස් ලබා දිය යුතු බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.
සිරගෙවල් තුළ සිටින පුද්ගලයින්ට ජනතාවගේ මුදලින් ආහාර සපයන බවත් ඔවුන් නිකරුණේ තබා නොගෙන ගම්වල ගොවිතැන් කිරීමෙහි හෝ යෙදවිය යුතු බවත් සීලරතන හිමි තවදුරටත් සඳහන් කළා.
සීලරතන හිමියන් පෙන්වා දෙන්නේ සහල් මිල ඉහළ යාමට මෙන්ම සහල් හිඟයටද මෙය හේතු වී ඇති බවයි.
“බන්ධනාගාරයේ සිරකරුවන්ටත් අනිත් හැමදෙනාටමත් එක වේලක් හරි කොස් දෙන්න. සහල් නෑ කිය කිය කෑකෝගහන කට්ටියටත්…රටේ රටවැසියන්ටත් කොස් කන්න සිද්ධ කරන්න”