28.9 C
Colombo
Thursday, March 27, 2025

පෞද්ගලික ලිපිනයන් වතු ජනතාවට දෙන්න

- Advertisement -

මෙරට වතු ජනතාව සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබාදීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මාවතගම, මුවන්කන්ද වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම්කර ඇති බව සඳහන්.

මෙරට වතු ජනයාගෙන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බව පෙත්සම්කරු කියාසිටිනවා.

ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබාගැනීම, පාසැල්වලට ළමුන් ඇතුළු කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබාගැනීම වැනි කටයුතු ඉටුකර ගැනීමේදී එම ජනයාට දැඩි අසීරුතාවයකට මුහුණ දීමට සිදුවන බවයි පෙත්සම්කරු පවසන්නේ.

මෙයට හේතුව ලෙස  ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277ක  ලක්ෂ 4ක පමණ පිරිසක් වාසය කරන බවත් ඒ කිසිවකුට  පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති වීම බව පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

එම තත්ත්වය තුළ වතු ජනයාගේ නිවෙස්වලට ලියාපදිංචි තැපැල් ලිපිනයන් ලබානොදීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා...

POPULAR ARTICLES

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි

අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...