දැනට වසර ගණනාවක් පුරාවට වයස අවුරුදු තුනට අඩු දරුවන් සඳහා ත්‍රීපෝෂ ලබා නොදීම හේතුවෙන් ග්‍රාමීය වශයෙන් කුඩා දරුවන් අතර පෝෂණ අර්බුදය වැඩි වීමේ අවධානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.
ඔහු පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ප්‍රමිතීන්ට යටත්ව වයස අවුරුදු 3ට ඩු දරුවන්ට ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය පියවර ලබා ගැනීම කඩිනම් කළ යුතු බවයි.
අවුරුදු තුනට අඩු දරුවන් සඳහා නිෂ්පාදනය කරන ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සීන් මට්ටම පවත්වාගෙන යාමේ පාරිසාදන මට්ටම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙම අර්බුදය මතුව ඇති බව වෛද්‍යවරයා තවදුරටත් පෙන්වා දෙනවා.
එමෙන්ම අවුරුදු තුනට වැඩි දරුවන්ට හා ගර්භනී මව්වරුන්ට පමණක් ත්‍රිපෝෂ ලබාදෙන අතර, එම ලබා දීම සිදුකරන්නේද පෝෂණ ගැටළු පවතින දරුවන් සඳහා පමණක් බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරනවා.
ඔහු පවසන්නේ, පසුගිය වසර වන විට දරුවන් අතර පෝෂණ අර්බුධය වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතින අතර එය සෞඛ්‍ය සේවා කාර්යාංශ දත්තවලින්ද පෙන්නුම් කරන බවයි.
ඒ අනුව, හැකි ඉක්මනින් මාස හයට වැඩි සියළු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන සක්‍රීය කිරීමට අවධානය යොමු කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.