27 C
Colombo
Sunday, October 13, 2024

අපිටත් රජයෙන් වැටුපක් දෙන්න..! – පෞද්ගලික බස් සේවකයින් ඉල්ලයි

- Advertisement -

මාසිකව රු 15,000ක මුදලක් වැටුපක් ලෙස ලබා දෙන ලෙස පෞද්ගලික බස් රථ සේවකයින් රජයෙන් ඉල්ලා සිට්නවා.

වසරක පමණ කාලයක් තිස්සේ බස් රථ සේවාවලට සම්බන්ධ 60,000ක් පමණ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව ඇති බවයි සමස්ත ලංකා පුද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසන්නේ.

එබැවින් බස්රථ සේවකයින් සඳහා රුපියල් පහළොස්දහස බැගින් මාස දෙකක් සඳහා හෝ වැටුපක් ලෙස ගෙවන ලෙසොවුන් ඉල්ලා සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අංජන ප්‍රියන්ජිත් මහතා,

“අපි රජයෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංගම සේවකයින් ට වැටුප් දෙනවා වගේම මාසිකව රු 15,000ක මුදලක් මාස දෙකකටවත් ලබාදෙන්න කියලා. අද දිනයේ දීත් අන්තර් පළාත් බස්රථ ධාවනය වෙන්නේ නෑ. හැබැයි සමහර අන්තර් පළාත් බස් රථහිමියන් කිහිපදෙනෙකුට විතරක් ප්‍රධාන රෝහල්වලින් සහ රජයේ අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්තමේන්තු සඳහා බස් රථ ධාවනයට ඉඩදීලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...

ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා ඉන්න සිරමැදිරි පිටුපස තිබී සොයගත්තේ මොනවාද?

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන "ගනේමුල්ල සංජීව" හා "වෙලේ සුදා" රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ...

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...