32 C
Colombo
Friday, March 29, 2024

LPL : ගියවර ශූරයන් වූ ජැෆ්නා කින්ග්ස් පරදා ගෝල් ග්ලැඩියේටර් පළමු තරඟය ජයගනියි

- Advertisement -

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අරඹමින් ඊයේ (05) පැවති පළමු තරඟයේදි ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරදා ලකුණු 54ක ජයක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනාගත් ජැෆ්නා කින්ග්ස් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව විනය විරෝධි හැසිරීම හේතුවෙන් තරඟ තහනමට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් කලකට පසු එකට එක්ව ග්ලැඩියේටර් ඉනිම ආරම්භ කළා.

කෙසේ නමුත් පළමු පන්දුවාරයේදිම සුරංග ලක්මාල්ට හතරේ පහර දෙකක් එල්ල කළ ධනුෂ්ක ගුණතිලක සිව්වන පන්දුවේදි දැවි ගියේ පහසු උඩපන්දුවක් ලබාදෙමින්.

කුසල් මෙන්ඩිස්ටද ලබාගැනීමට හැකිවූයේ ලකුණු 16ක් පමණයි.

කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ නායක භානුක රාජපක්ෂ පන්දු 31ක් තුළ ලකුණු 56ක් රැස්කළේ හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් සමගින්.

ඔහුට අනගි සහයක් ලබාදුන් සමිත් පටෙල් පන්දු 31ක් තුළ ලකුණු 42ක් ලබාගැනීමට සමත් වුණා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම කඩුලු 07ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 164ක්.

පන්දු යැවීමේදි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ජයිඩ්න් සීල්ස් කඩුලු 03ක්ද, වනිදු හසරංග කඩුලු 02ක්ද දවාගත්තා.

අනතුරුව ලකුණු165ක ජයග්‍රාහී ඉලක්කයක් අතැතිව ඉනිම ඇරඹු ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18.4ක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110ක් පමණයි.

එහිදි වහබ් රියාස් ලකුණු 27ක් ලබාගැනීමට සමත් වුනද, උපුල් තරංග, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා සහ වනිදු භසරංග අඩු ලකුණු සංඛ්‍යාවට දැවී ගියා.

පන්දු යැවීමේදි සමිත් පටෙල් විසින් කඩුලු 03ක් දවාගත් අතර මොහොමඩ් හෆීස් සහ තරංග අතරේ කඩුලු 02ක බැගින් බෙදී ගියා.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම ලකුණු 54කින් තරඟය ජයගත් අතර තරගයේ වීරයා සම්මානය හිමිවූයේ තුන් ඉරියව් දක්ෂතා දැක්වූ සමිත් පටෙල්ටයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...