24 C
Colombo
Tuesday, March 21, 2023

GLX Garage සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නව ආර්ථිකයේ උත්ප්‍රේරක බවට පත්වේ

- Advertisement -

Good Life X (GLX) Garage යනු ශ්‍රී ලංකාවේ හොඳම දේ ලොවට ගෙන යාම සඳහා වූ නව අත්හදා බැලීමකි.  Good Life X විසින් වෙනස්, නවෝත්පාදන සහ ගෝලීය ”සවින්ඥානික පාරිභෝගිකයින්” ඉක්මණින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය අවස්ථාවන් අත්පත් කර ගත් ආහාර, කෘෂිකාර්මික හා මෝස්තර සැලසුම්කරණ යන අංශවල තිරසාර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 5 දෙනෙකු එකට ගෙන එන ලදී.

 Good Life X හි විශාල ආයෝජන පරාසයක කොටසක් ලෙස, ගරාජය අවධානය යොමු කරන්නේ නව්‍යකරණයන් ඇති කිරීම, ඔවුන්ගේ ප්‍රවේශයන් යාවත්කාලීන කිරීම හෝ ඔවුන්ගේ උපාය මාර්ග වෙත අවධානය යොමු කිරීම සහ සදාචාරාත්මක හා තිරසාර දූත මෙහෙවර සඳහා තවදුරටත් සම්බන්ධ වීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවස්ථා අත්පත් කර ගැනීම සඳහා පුද්ගලමූලික පුහුණු කිරීම් සහ මැදිහත්වීම් සිදුකිරීම් කෙරෙහි ය.

2020 ඔක්තොම්බර් මාසයේදී  COVID 19 බලපෑමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයන් දිරිමත් කිරීම උදෙසා ආරම්භ කරන ලද මෙම වැඩසටහනට ජර්මානු ආර්ථික සහයෝගිතාව  (GIZ) හා සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්යංශයෙන්

 (BMZ) විශේෂ මූල්‍යමය සහය හිමිවිය.

මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ ගැටළු විසඳීම සඳහා වන එහි ස්වභාවය සහ ප්‍රවේශය මෙන්ම සහභාගී වූ ව්‍යවසායන්හි නවෝත්පාදනයන් දිරිගැන්වීම සඳහා මාස 5 ක කාලයක් තුළ එකට වැඩ කිරීම සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන මහාද්වීප 5 ක ප්‍රවීණතයන් 9 දෙනෙකුගේ විශේෂඥ දැනුම එකට එක් කළ ආකාරයයි.

මෙහිදී උපායමාර්ගිකකරණය, හොඳම පුහුණුවීම් හුවමාරුව, සන්දර්භීය අවිනිශ්චිතතාවයන් හමුවේ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ක්‍රියා කිරීම සහ එක් එක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිශ්චිත අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා ආකර්ෂණීය, ක්‍රියාශීලී සාකච්ඡා පවත්වන ලදි.

මෙම සෑම ව්‍යාපාරයකම ගෝලීය ව්‍යාපාරික වර්ධනයත් සමඟ ධෛර්ය සම්පන්නව සිදුකරන ලද ධනාත්මක බාධාවන් තුළ  සාර්ථකත්වය GLX Garage අද මනාව නිරූපණය කරයි.

 GLX Garage හි 2020 සාමූහිකය සැලසුම්කරණය සහ කෘෂි / ආහාර අංශවල ව්‍යවසායන් පහකින් සමන්විත වේ.

 House of Lonali, Worga Naturals,Serendipol,Target Agriculture and Ceylon Exports and Trading ජාත්‍යන්තර දැනුම හුවමාරු කර ගැනීමෙන් ප්‍රතිලාභ ලබා ගත් අතර කෙටිකාලීන ඔරොත්තු දීමේ හැකියාව සහ දිගු කාලීන වර්ධනය ගොඩනැගීම සඳහා අභිරුචිකරණය කරන ලද උපාය මාර්ග මෙන්ම ඔවුන්ගේ අති නවීන විසඳුම් තුළින් ගෝලීය වෙලඳපොල තුළ නව අවස්ථාවන් නිර්මාණය වී ඇත.

පළමු පරම්පරාවේ ව්‍යවසායක Ceylon Exports and Training ප්‍රධාන විධායක නිලධාරි දුලාර ද අල්විස්, තම ව්‍යාපාරයේ වර්ධනය සඳහා ඩිජිටල් උපාය මාර්ග ඉගෙන ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට මෙම අවස්ථාව භාවිතා කළේය.

ඔහු තවදුරටත් පවසන පරිදි “ගරාජ් වැඩසටහන මට එක්තරා විදිහක ඇස් පහදාලීමකි. අද්විතීය ගෝලීය සන්නාම යෝජනාවක් සහ අපගේ සමාගම සඳහා වඩාත් පරිපූර්ණ ඩිජිටල් උපාය මාර්ගයක් ගොඩනැගීමට විශේෂඥයින් අපට උපකාර කිරීම හරහා විශේෂ වටිනාකමක් ලබාදුන්නා. ”

“විශේෂයෙන් ඩිජිටල් අවකාශය පිළිබඳ සන්නාම විශේෂඥයින්  සමඟ වැඩ කිරීම, නිවැරදි අන්තර්ගතය කුමක්ද, අන්තර්ගතයට ප්‍රවේශ වන්නේ කෙසේද සහ විශාලතම බලපෑමක් ඇති කිරීම සඳහා එය ස්ථානගත කරන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීම, එම දැනුම අපගේ සන්නාම ගමන විධිමත් කිරීමට අපට උපකාරී වී තිබෙනව” දුලාර තවදුරටත් පැවසීය.

මෝස්තර නිර්මාණකරණ පසුබිමකින් පැමිණි House of Lonali නිර්මාතෘ ලොනාලි රොඩි්‍රගෝ මෙම වැඩසටහන ඇයට ප්‍රවේශ විය හැකි ප්‍රවීණතා මට්ටම, කෙටි කාලයක් තුළ ව්‍යාපාරික දිශානතිය සහ හවුල්කාරිත්වය වර්ධනය කර ගැනීමට ඇයට උපකාර කළ ආකාරය පිළිබඳව අදහස් දැක්වීය.

“මෙම වැඩසටහන ප්‍රධාන අරමුණුවලට වඩාත්ම බලපෑමක් ඇති කිරීම සඳහා සියලු වෙළඳ නාම සහ සන්නිවේදන මෙවලම් පෙළගස්වමින්  ප්‍රධාන ශක්තීන් හඳුනා ගැනීමට උපකාර විය.

එසේම අපගේ අලෙවිකරණ උපායමාර්ගය මනාව සකස් කිරීමට මෙය බෙහෙවින් ඉවහල් විය. නිවැරදි ගැණුම්කරුවෙකු හඳුනා ගැනීමට මට උදව් කිරීමේදී House of Lonali වැඩසටහන ප්‍රයෝජනවත් වී තියෙනවා.

නිර්මාණ කර්මාන්තය තුළ තිරසාර පැවැත්මේ නිදසුනක්  ලෙස GLX Garage පත්ව ඇති අතර එමඟින් පරිසරයට හා මානව සම්පතට ඇති බලපෑම සාර්ථකව අඩු කරයි. ”

කාබනික හා සාධාරණ වෙළඳ සහතික කළ පලතුරු නිෂ්පාදන අපනයනය කරන සමාගමක් වන Target Agriculture හි සාරංග නව තිරසාර නිෂ්පාදන පරාසයක් සංවර්ධනය කිරීම හා අලෙවිකරණය පිළිබඳ මග පෙන්වීමක් අපේක්ෂාවෙන් මෙම වැඩසටහනට සම්බන්ධ විය.

සාරංග පවසන පරිදි  “මම මුලින්ම Garage වැඩසටහන ආරම්භ කරන විට, මා සතුව තිබුණේ 2020 සැප්තැම්බර් මාසයේදී මා සැලසුම් කළ නව නිෂ්පාදන පෙළක් පිළිබඳ සංකල්පයක් පමණි.

වැඩසටහන තුළින් මගේ සිහිනය සැබෑ වී ඇති බව මට දැකගත හැකි විය.

වෙළඳ නාම සහ අලෙවිකරණ සන්නිවේදන උපාය මාර්ග පිළිබඳ විශේෂඥයන් වටිනා අවබෝධයක් ලබා දුන්නා. නව වෙළඳපල අවකාශයන් තුළ මගේ නිෂ්පාදන දියත් කිරීම සඳහා මගේ සීමාවන් ඉක්මවා යාමට අවශ්‍ය විශ්වාසය මෙය මට ලබා දුන්නා.

මගේ වැනි නවෝත්පාදන ව්‍යාපාර සඳහා දොරටු විවර කරන මෙම වැඩසටහන නැගී එන සමාගම් සඳහා වඩාත් සුදුසු බව කිව යුතුයි. ”

මේ අතර, Worga Naturals හි නිශාන්ත ජයතිලක පවසන පරිදි GLX විශේෂඥයින් විසින් අනුගමනය කළ වෙනස් මාවත ශ්‍රී ලංකාවේ හොඳම කාබනික ආහාර සැකසුම් සමාගමවීමට Worga Naturals ට සහාය වෙමින්, දේශීය කාබනික ගොවි ප්‍රජාව සවිබල ගැන්වීමට සහ ග්‍රාමීය ආර්ථිකයට සහාය වෙමින් කැපවූ වැඩසටහනේ හැකියාවන් පිළිබඳව මුලදී පසුබට වුවද, එහි ප්‍රතිඵල ඔහුගේ විශ්වාසය  ඉහළ නැංවූ බවයි.

මෙම වැඩසටහනේ කොටසක් ලෙසට ජාත්‍යන්තර වෙළඳපල ඉලක්ක කර ගනිමින් නිසි සහතික කිරීම, ඊ-අලෙවිකරණය, නිෂ්පාදන වෙළඳ නාමකරණය සහ සන්නිවේදන මෙවලම් වැනි ක්ෂේත්‍රවලින් මට ලැබුණු දැනුම මිල කළ නොහැකි බව සාරංග තවදුරටත් සඳහන් කරන ලදි.

Serendipolys හි ප්‍රකට පිය දියණි ද්වන්ධය වන ගෝර්ඩන් සහ සොනාලි පණ්ඩිතසේකර ද මුලින් එවැනිම භීතියට පත්විය. “මෙම වැඩසටහන ඇත්ත වශයෙන්ම අපට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප මුලදී අදහසක් තිබුණෙ නෑ.

නමුත් විශේෂඥයින් විසින් සපයන ලද සුවිශේෂී මග පෙන්වීම සහ දැනුම සමඟ අපගේ සන්නාම දැක්ම සහ සන්නාම ප්‍රේක්ෂකයින් සම්බන්ධයෙන් නව අවධානයක් සහ පැහැදිලි බවක් ලබාගත හැකි වූ අතර මෙය නව අවස්ථා රාශියක් විවර කර දී තිබේ.

සොනාලි විස්තර කරන පරිදි ”පාරිභෝගිකයින් සඳහා වඩා හොඳ නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා ලෝකයේ වඩාත්ම අරමුණු සහිත, පුනර්ජනනීය වෙළඳ නාම සමඟ හවුල් වීම එහි ප්රධාන පරමාර්ථය වන අතර, ලොව   වඩා පිරිසිදු, හරිත, සදාචාරාත්මක හා පුනර්ජනනීය දර්ශනය පිළිබඳ අවබෝධය වඩවාගැනීමට  ගරාජය සමඟ අපගේ කාලය වැඩි වශයෙන් ගතකළා”.

වර්ධනය, බලපෑම සහ තිරසාරභාවය පිළිබඳ මීළඟ පියවර ළඟා කර ගැනීමට මෙම වැඩසටහන අපට ඉමහත් දායකත්වයක් ලබා දී තිබෙන බවද ඇය පැවසුවාය.

GLX Garage වැඩසටහන එහි පළමු සාර්ථක සමුහය 2021 අපේරල් 01 වන දිනෙන් අවසන් කළ අතර එහිදී ඔවුන් “ආසියාවේ අනාගතය: තිරසාර බව කරා මෙහෙයවීම” යන්න පිළිබඳව මෙම විශේෂ ඨඛඞ හමුවේදී මතුකර දක්වන ලදි.

RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.