26 C
Colombo
Wednesday, October 4, 2023

හොඳට තිබුණ එන්නත්කරණය දැන් වැටිච්ච තැනක් – GMOA

- Advertisement -

එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් අවුල්සහගත තත්වයකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ එන්නත්කරණ මධ්‍යස්ථාන වලදී සිදුවන අඩුපාඩු, ජනතාව තෙරපීම් සහ කළහ කරගැනීම් වාර්තාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. එන්නත්කරණය සිදුකරන බවට පැතිරෙන ප්‍රචාර නිසා පැමිණි ජනතාවව ආපසු හරවා යැවීම්ද වාර්තා වනවා.

විවිධ හමුදා කඳවුරු වලට එන්නත්කරන වැඩපිළිවෙල ලබා දේ නම් සෞඛ්‍ය අංශයක් පවතින්නේ කුමන හේතුවකටදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් විමසා සිටිනවා.

එමෙන්ම, ඉදිරි දින කිහිපයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවේ විශාල ඉහළයාමක් සිදුවිය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු ඇඟවීමක්ද සිදු කරනවා. පසුගිය දිනවල පැවති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩාල වී තිබූ කොරෝනා පරීක්ෂණ මේ වනවිට සාමාන්‍ය තත්වයට පත්වීම හේතුවෙන් මෙලෙස රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...