දැනට රිමාන්ඩ් භාරයේ පසුවන මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් කටයුතු කිරීම පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එමගින් එම සංගමය දැනුම් දී ඇත්තේ දේශපාලනඥයින්ගේ අනවශ්‍ය අතපෙවීම් හා බලපෑම් කිරීම් දැඩි ලෙස හෙලා දකින බවයි.
ඒ අනුව මොරටුව නගරාධිපතිවරයා ඇතුළු මෙවන් අනව්‍යශ බලපෑම් කරන දේශපාලනඥයින්ට විරුද්ධව නිරෝධායනය පනත අනුව මෙන්ම රටේ පවතින නීතියට අනුව කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.