රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධූරය දැරූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හට කොළඹ විශ්ව විද්‍යාලය වැනි වැදගත් ස්ථානයක කුලපති ධූරය ලබාදීම තම සංගමය තරයේ හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා
කොළඹදී අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කළේ මෙලෙස දේශපාලන හිතවත්කම් මත වැදගත් විශ්වවිද්‍යාලවල කුලපතිකම් ලබාදුනහොත් එම විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධිය පවා අන්තර්ජාතිකව නොපිළිගන්නා තත්ත්වයකට පත්වන බවයි.
වත්මන් රජය බලයට පත්වූයේ හිතවත්කම් මත දේශපාලන පත්වීම් නොදෙන බව පවසමින් උවද මේ වන විට එම තත්ත්වයද වෙනස් වී ඇති බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හට අවබෝධයක් හා අත්දැකීමක් ඇති දේශපාලන හෝ වෘත්තීය සමිතිවලට අදාළ පත්වීමක් ලබාදීමට විරුද්ධ නැතත් විශ්ව විද්‍යාලයක කුලපති ධුරයක් වැනි වගකිව යතු සහ සුදුසුකම් සපුරා ලබාගත යුතු තනතුරක් ලබාදීම කිසිසේත් අනුමත නොකරන බවට එම සංගමය වැඩිදුරටත් සදහන් කරනවා.
ඊට අදාළ දර්ශන පහතින්,