28.4 C
Colombo
Friday, April 26, 2024

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාමයෝජනා GMOA ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාමයෝජනා කමිටුව කටයුතු කර තිබෙනවා.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති තනතුර සදහායි.

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස නාමයෝජනා කමිටුව සඳහන් කර ඇත්තේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ සාමාජික අංකය නිවැරදිව සටහන් කර නොමැතිවීමයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ මේ පිළිබදව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයේ මේ වන විට වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කටයුතු කරන අතර ඔහු වසර ගණනාවක් පුරා නිතරඟයෙන් එම ධූරයට පත්වනවා.

මෙවර නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හා වෙනත් තනතුරු සඳහා තරඟ කරන වෛද්‍යවරුන්ව සමාජ මාධ්‍ය හරහා බියගැන්වීමේ ක්‍රියාවලියක් සිදුවන බවටද එම වෛද්‍යවරුන් චෝදනා කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය එළැඹෙන 26 වනදා පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...