26 C
Colombo
Wednesday, February 19, 2025

GMOA එක ස්ට්‍රයික් කරන එක තහනම් කරන්න ඕනේ – ඇමති අලි සබ්රි

- Advertisement -

මෙරට ඇති ආර්ථික මරමස්ථාන අඩාලවීම වැළැක්වීම සඳහා ආයතන කිහිපයක් වැඩවර්ජනය කිරීම තහනම් කරමින් නීති රීති ගෙනආ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඒ අනුව වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන ආයතනවල වෘත්තීය සමිති හට වැඩවර්ජනය කිරීමට කිසිදු බලයක් ලබා නොදිය යුතු යැයි අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අලි සබ්රි මහතා පවසන්නේ නව ව්‍යවස්ථාවෙන් හෝ මේ සදහා අවශ්‍ය කෙරෙන නීති සම්පාදනය කළ යුතු බවයි.

සුළු කරුණකටත් මෙම ආයතනවල වෘත්තීය සමිති වැඩවර්ජනය කරමින් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම මේ හරහා නවතා දැමිය යුතු බව අමාත්‍යවරයා පවසනවා.

ජනාධිපතිවරයාද මීට වඩා දැඩි පුද්ගලයෙකු විය යුතු බවත් වත්මන් ජනාධිපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වූයේද එවැනි තද තීන්දු බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES